ගොඩනැගිල්ලක ඔලුව වැදී පාසල් සිසුවෙක් මරුට..

ලිස්සා ගොස් ගොඩනැගිල්ලක ඔලුව වැදීමෙන් පාසල් සිසුවෙක් මරුට..

by Staff writer 05-10-2024 | 7:18 AM

COLOMBO ( News 1st )-නුවරඑලිය, කොටගල ප්‍රදේශයේ පාසලක විවේක කාලය තුළදී සෙල්ලම් කරමින් සිටි සිසුවෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ , අදාල සිසුවා ලිස්සා ගොස් වැටී පාසල් ගොඩනැගිල්ලක හිස වැදීමෙන් මියගොස් ඇති බවයි.

ජිවිතක්ෂයට පත් වී ඇත්තේ,13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි තලවකැලේ ,ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ පදිංචිව 18 හැවිරිදි සිසුවෙකි.