ඊයේ නාම යෝජනා භාර දුන් අය..

පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් නාම යෝජනා භාරදෙයි..

by Staff writer 05-10-2024 | 10:41 AM

COLOMBO ( News 1st )-2024 මහ මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් 03ක් ඊයේ(04) නාම යෝජනා භාරදී තිබේ.

මේ අතර, මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සමස්ත ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 122 කි.

මහ මැතිවරණයේ නාම යෝජනා භාරගැනීමේ කාලය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

මේ අතර, නාම යෝජනා භාරදෙන අවසන් දිනවලදී පෙළපාලි යාමට අවසර නොමැති බව පොලිසිය දැනුම් දෙයි.

ලබන 11 වැනිදා දක්වා නාම යෝජනා භාර ගනු ඇති.

මහ මැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.