ඉරානයෙන් මැදපෙරදිගට සටන් විරාමයකට ඇරයුම් !

ඉරානයෙන් මැදපෙරදිග රටවලට සටන් විරාමයකට ඇරයුම් !

by Staff writer 05-10-2024 | 6:00 PM

COLOMBO (News 1st) - ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්වන්නැයි ඉරානය, මැදපෙරදිග රටවලට ඇරයුම් කර තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරච්චි ඒ බව සඳහන් කළේ, සිරියා විදේශ අමාත්‍ය බස්සාම් අල් ශබා හමුවෙමිනි.

ගාසා තීරයේ සහ ලෙබනනයේ සිදුවන යුධ අපරාධ දිනෙන් දින උග්‍ර වන බව ඔහු සඳහන් කළේ ය.

එය නතර කිරීම සඳහා ගෝලීය වශයෙන් සාමූහික ප්‍රයන්තයක් අවශ්‍ය බව ඉරාන විදේශ අමාත්‍යවරයා පැවසුවේ ය.