ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුවට මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්...

by Staff writer 03-10-2024 | 3:00 PM

COLOMBO ( news 1st ) - අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබෙන තෙක්, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් කිසිඳු තීන්දුවක් නොගන්නා ලෙස, අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරයාට සහ අධ්‍යාපන අමාත්‍යංශය ලේකම්වරියට එම දැනුම්දීම කර ඇති බව එහි කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

අදාළ වාර්තාව ලැබෙන තෙක්, ඒ පිළිබඳ කිසිඳු ප්‍රකාශයක් නොකරන්නැයි ද, මානව හිමිකම් කොමිසම දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.