මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණය

මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණයට දින නියම කරනවා - මැතිවරණ කොමිසම

by Staff writer 03-10-2024 | 12:24 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහාම, හැකි ඉක්මණින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණය අවසන් වූ වහාම, ඒ සඳහා දින නියම කරන බව නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මෙරට ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් සුරැකීම සඳහා සිය කාර්යභාරය මැනවින් වටහා ගෙන ඇතැයි ද, මැතිවරණ කොමිසම පවසයි.

පසුගිය අගෝස්තු 22 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූලව නීතියෙන් නියම කර ඇති මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය අනුව කටයුතු කරන බව ද, කොමිසම වැඩිදුරටත් පැවසුවේ ය.