ලෝක අමද්‍යප දිනය අදයි..

මත්පැන් නිසා වසරකට අහිමිවන මෙරට මිනිස් ජීවිත ගණන 20,000ක් - ලෝක අමද්‍යප දිනයේදී අනාවරණයක්

by Staff writer 03-10-2024 | 4:48 PM

COLOMBO(News 1st )-ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ.

වසරකට මෙරට මිනිස් ජිවිත 20,000 ක් පමණ බිලිගන්නා මාරයෙක් ලෙස මත්පැන් හැඳින්වේ.

ජීවිත අහිමිවීම්, පවුල් සංස්ථා බිඳ වැටීම්, ගැටුම් ඇති වීම්, ශාරීරික දුබලතා ඇතිවීම් ආදී නොයෙක් ගැටලු මත්පැන් මිනිස් ජීවිතවලට රැගෙන එයි.

මත්පැන් භාවිතය හේතුවෙන් දෛනිකව මෙරටට අහිමිවන ජිවිත සංඛ්‍යාව, 70 ත් 80 ත් අතර ප්‍රමාණයකි.

වයස අවුරුදු 15 ත් 24 ත් අතර තරුණ ප්‍රජාව මත්පැන් පානය සඳහා යොමු වීම, මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදෙන බරපතල ඛේදවාචකයක් බවට පත්ව ඇත.

මීට වසර 130කට පමණ පෙර එවැනි ඛේදවාචක මැඩපැවැත්වීම වෙනුවෙන් ලෝක අමද්‍යප දිනය ප්‍රකාශයට පත් කරන ලදි.

මත්පැන් පානයෙන් දුරස් වීම මෙන්ම ඊට ඇබ්බැහිවූවන් ඉන් මුදාගැනීමෙන් ලොවට ඉතිරිවන සම්පත් බොහෝමය.