ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ය.
නාම යෝජනා භාර ගැනීම, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු වේ.
ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකිය.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම, මේ වන විට ආරම්භ කර තිබේ.
එය අවසන් වන්නේ, ලබන 8 වැනිදා ය.
මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මඩකලපුව, යාපනය, දිගාමඬුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇත.
මේ අතර මහ මැතිවරණය සම්බන්ධයෙන් පොලීසිය, තැපැල් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මුද්‍රණාලයේ ප්‍රධානීන් සමග ඊයේ (02) සාකච්ඡා කළ බව ද, කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
2024 පාර්ලිමේන්තු මැතිවරණය, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතය.