දරුවන් ගැන පොලිසියෙන් නිවේදනයක්...

වාර්ෂිකව දරුවන් 3,500 ක් බරපතළ අපරාධවලට ගොඳුරු වෙයි.. -පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය

by Staff writer 01-10-2024 | 10:42 AM

COLOMBO (News 1st) -මෙරට දරුවන් 3500 ක් පමණ වසරකට බරපතළ අපරාධවලට ගොඳුරු වන බව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

එහි නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළේ, සුළු අපරාධවලට ගොඳුරු වන ළමුන් සංඛ්‍යාව 1,500 ක් පමණ වන බවයි.

අන්තර්ජාලය ඔස්සේ මෙරට ළමුන් විවිධ හිංසනවලට ගොඳුරු වන බව ද පොලිස් ළමා කාන්තා කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය පෙන්වා දෙන්නේ, එම තත්ත්වයෙන් ළමුන් මුදවා ගැනීම දුෂ්කර වී ඇති බවයි.

මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලිසිය, අධ්‍යාපන අමාත්‍යාංශය ළමුන්ගේ ආරක්ෂාව,අධ්‍යාපනය, සුරක්ෂිතතාව වෙනුවෙන් වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.