මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 15 වැනිදා..

මහ කන්නයට ජලය නිකුත් කිරීම ලබන 15 වැනිදා..

by Staff writer 01-10-2024 | 11:28 AM

COLOMBO (News 1st)-මහ කන්නය සඳහා ලබන 15 වැනිදා සිට ජලය නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් එම්.පි.එම් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, අද ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

ඒ සදහා මහවැලි අධිකාරිය,කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නිලධාරීන් සහභාගී වෙයි.

මෙවර මහ කන්නයේදී කුඹුරු අක්කර ලක්ෂ 08 ක වී වගා කිරිමට නියමිතයි.

ලේකම්වරයා ප්‍රකාශ කළේ, මහ කන්නය සඳහා ප්‍රමාණවත් ජල ධාරිතාවක් ඇති බවයි.