කුමාර වෙල්ගමගේ අවසන් කටයුතු අද...

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද..

by Staff writer 30-09-2024 | 1:23 PM

COLOMBO (News1st) -  හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද(30) පස්වරුවේ සිදුකෙරේ.

ඒ, මතුගම මහජන ක්‍රීඩාංගණයේදීයි.

දේහය, මේ වනවිට මහජන ගෞරවය සඳහා මතුගම, හොරවල පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

කුමාර වෙල්ගම මහතා, කොළඹ පෞද්ගලික රෝහලකදී පෙරේදා අලුයම අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 74කි.

1950 වසරේ අප්‍රේල් 05 වැනිදා උපන් කුමාර වෙල්ගම මහතා, පාරම්පරික ව්‍යාපාරික පවුලක සාමාජිකයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු, 1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කලක් කටයුතු කළ ඔහු ප්‍රවාහන, කර්මාන්ත ඇතුලු අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ පළපුරුදු දේශපාලඥයෙක් ය