දුම්වැටි තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට..

විදෙස් දුම්වැටි තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට..

by Staff writer 30-09-2024 | 6:01 PM

COLOMBO ( News 1st ) - විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධීව දිවයිනට රැගෙන ආ කාන්තාවක් අද (30) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදීය.

විවිධ වර්ගයේ දුම්වැටි 36,800ක් අඩංගු දුම්වැටි කාටූන් 184 ක් ඇය සතුව තිබී සොයා ගෙන ඇත.

එහි වටිනාකම, රුපියල් 55 ලක්ෂ විසි දහසකි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, ජා-ඇල පදිංචි 34 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි.

ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.