තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට ඇරඹේ..

පාර්ලිමේන්තු මැතිවරණයට තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීම හෙට ඇරඹේ..

by Staff writer 30-09-2024 | 9:26 AM

COLOMBO (News1st) - 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාර ගැනීමට හෙට(01) ආරම්භ වෙයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, හෙට(01) සිට ලබන 8 වැනිදා දක්වා එම කටයුතු සිදුකෙරෙන බවයි.

ඔහු සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව තැපැල් ඡන්ද සඳහා අයැදුම්පත්‍ භාර ගැනිම සම්බන්ධයෙන් මැතිවරණය ප්‍රකාශයට පත් කර 7 වැනි දින සිට 14 වැනි දින දක්වා කටයුතු කළ යුතු බව ඉල්ලා සිටින අතර, සියලු තැපැල් ඡන්ද හිමියන් ඔක්තොම්බර් 01 වැනිදාත් 08 වැනිදාත් කාලය තුළ ආයතන ප්‍රධානීන්ගෙන් සහතික කර ගනිමින් තේරිම්  භාර නිලධාරින්ට ලබා දෙන ලෙසයි.