ධීවර හා නාවිකයින්ට විශේෂ දැනුම්දීමක්...

ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී දැඩි ලෙස විමසිලිමත්වන්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 30-09-2024 | 7:40 AM

COLOMBO (News1st) - දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල නිරතවීමේදී දැඩි ලෙස විමසිලිමත්වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

ඒ, එම මුහුදු ප්‍රදේශයේ තද සුළං සමග තද වැසි ඇති විය හැකි බැවිනි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.