ගාලුමුවදොර තිබුණු වාහන කාගේද ?

ගාලුමුවදොර නවතා තිබූ මෝටර් රථ ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්.

by Staff writer 30-09-2024 | 3:31 PM

COLOMBO (News 1st) - පසුගියදා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ ගාල් කර තිබූ මෝටර් රථ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ , අදාළ මෝටර් රථ හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී සිය පෞද්ගලික කාර්යය මණ්ඩලය  වෙත ලබා දුන් ඒවා බවයි.

තවද අදාළ ලැයිස්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේද නම් සඳහන්ව ඇත.

එලෙස ලබාදුන් මෝටර් රථ  107ක වාහන මාදිලිය සහ  ඒවා භාවිතා කළ පුද්ගලයින් සම්බන්ධ තොරතුරු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.