අදත් මහ වැසි..‍

අදත් මහ වැසි: ගෙවුණු පැය 24 වැඩිම වර්ෂාපතනය වීරකැටියට

by Staff writer 30-09-2024 | 5:16 PM

COLOMBO ( News 1st ) - දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100ක පමණ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත් වලට මිලිමීටර 100 පමණ තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, අකුණු අනතුරු වලින් ආරක්ෂා වන ලෙසයි.

මේ අතර අද උදෑසන 8 30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය, වීරකැටිය ප්‍රදේශයෙන් වාර්තා විය.

එම අගය, මිලිමීටර 150කි.

මාපලාන ප්‍රදේශයට මිලිමීටර 94 ක පමණ වර්ෂාපතනයක් වාර්තා වී තිබුණි.