ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරියට

ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරයි - වැඩබලන පොලිස්පති

by Staff writer 29-09-2024 | 8:15 AM

COLOMBO (News1st) - ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

ඔහු ඒ බව සඳහන් කළේ, ඊයේ(28) පස්වරුවේ මහනුවරට පැමිණි අවස්ථාවේදී ය.

ශ්‍රී දළදා මාළිගාවට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා පළමුව, දළදා සමිඳුන් වැඳ පුදා ගත් අතර 
එහිදී ඔහු පිළිගත්තේ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ය.

අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා, මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක, ආශිර්වාද ලබා ගත්තේය.