කුමාර වෙල්ගමගේ දේහය අද නිවසට

කුමාර වෙල්ගමගේ දේහය අද නිවසට: අවසන් කටයුතු හෙට..

by Staff writer 29-09-2024 | 10:46 AM

COLOMBO (News1st) - හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ දේහය, අද මහජන ගෞරවය සඳහා මතුගම හොරවල පිහිටි නිවසේ තැන්පත් කර තැබීමට නියමිතව තිබේ.

වෙල්ගම මහතාගේ අවසන් කටයුතු හෙට(30) පස්වරු 4.00 ට මතුගම මහජන ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.

කුමාර වෙල්ගම මහතා, කොළඹ පෞද්ගලික රෝහලකදී ඊයේ(28) අලුයම අභවප්‍රාප්ත වන විට වයස, අවුරුදු 74 ක්.

1950 වසරේ අප්‍රේල් 05 වැනිදා උපත ලැබු කුමාර වෙල්ගම මහතා, පාරම්පරික ව්‍යාපාරික පවුලක සමාජිකයෙකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලන දිවිය ආරම්භ කළ ඔහු, 1994 වසරේ පැවති මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරි පත් විය.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කලක් කටයුතු කල ඔහු ප්‍රවාහන, කර්මාන්ත ඇතුලු අමාත්‍ය ධුර ගණනාවක් හෙබවූ පළපුරුදු දේශපාලඥයෙක් වේ.