හිඟ බදු මුදල් ලබන මස 30 වැනිදාට පෙර ගෙවිය යුතුයි..

හිඟ බදු මුදල් ලබන මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතුයි - දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

by Staff writer 28-09-2024 | 6:06 PM

COLOMBO - (News1st) - හිඟ බදු මුදල් ලබන මස 30 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තවදුරටත් හිඟ බදු නොගෙවන පුද්ගලයින්ට එරෙහිව පනත ප්‍රකාරව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ පිළිබද යම් තොරතුරුක්  දැන ගැනීමට අවශ්‍ය නම් 1944 අංකයට හෝ ආසන්නතම ප්‍රාදේශීය  කාර්යාලය සම්බන්ධ කර ගන්නා ලෙස ද දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය සදහන් කළේ ය.

මේ අතර 2023/2024 තක්සේරු වර්ෂයට අදාල සියලුම ආදායම් බදු මුදල් අනිද්දා හෝ ඊට පෙර ගෙවා අවසන් කල යුතුව ඇතැයි දේශීය ආදයම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කළේ, යම් තැනැත්තෙක් නොගෙවන හෝ ප්‍රමාදවී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත්වනු ඇති බවයි.