රනිල් තවදුරටත් UNP නායකයා ලෙස යොජනාවක්..

රනිල් වික්‍රමසිංහ එජාප නායකයා ලෙස තවදුරටත් කටයුතු කළ යුතු බවට ගාල්ලේදී යෝජනාවක් සම්මත වෙයි..

by Staff writer 28-09-2024 | 9:11 PM

COLOMBO (News1st) - එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කළ යුතු බවට වූ යෝජනාවක් ගාල්ල ආසනයේ පක්ෂ ක්‍රියාකාරින් විසින් අද(28) සම්මත කරගෙන ඇත.

ඒ, පක්ෂ සභාපති වජිර අබේවර්ධන හා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ඇතුළු පිරිසකගේ සභාගිත්වයෙන් පැවති හමුවකදීයී.

එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කල යුතු බවටඅත් ඔසවා යොජනාව සම්මත  

මේ, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා.

විශේෂයෙන් පක්ෂයක් හැටියට අනෙත් පක්ෂ සමග සාකච්ඡා කරමින් තිබෙනවා. ඒකේ  අවසාන තීරණය අනුව නාම යෝජනා පත්‍ර භාරදීමට නියමිතව තිබෙනවා .එතකොට ඒ අනුව අපි කටයුතු කරනවා.