හැරී පෝටර් හි මහාචාර්ය මැගෝනිගල්ගේ මියයයි...

හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ මැගී ස්මිත් අභාවප්‍රාප්ත වෙයි..

by Staff writer 27-09-2024 | 10:54 PM

COLOMBO ( News 1st ) - ලෝක ප්‍රකට රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී, මිය යන විට ඇගේ වයස, අවුරුදු 89 ක්.

හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය හරහා ඇය ලොව පුරා මිලියන ගණනක් රසිකයින් අතර ජනාදරයට පාත්‍ර විය.

1934 වසරේ දෙසැම්බර් 28 වැනිදා බ්‍රිතාන්‍යයේදී උපන් ඇය, රංගන කේෂත්‍රයට පා තබන්නේ, 17 වැනි වියේදීයී.

බ්‍රිතාන්‍ය තුළ බිහිවූ විශිෂ්ඨතම රංගන ශිල්පිනියක ලෙසින් බහුමානයට පාත්‍රවූ ඇය, ඔස්කාර් සම්මාන 2 ක්, බැෆ්ටා සම්මාන 5 ක්, ගෝල්ඩන් ග්ලොබ්ස් සම්මාන 3 ක්, එමි සම්මාන 4 ක් ඇතුලුව සම්මාන සිය ගණනකින් පිදුම් ලබා ඇත .

ඇගේ අභාවය වෙනුවෙන් එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් සඳහන් කළේ, ඇය සිය රටට සදාතනික ජාතික වස්තුවක් බවයි.