කමිඳු මෙන්ඩිස් 5වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී කමිඳු මෙන්ඩිස් සිය 5වැනි ටෙස්ට් ශතකය රැස් කරයි

by Staff writer 27-09-2024 | 2:35 PM

COLOMBO (News1st) - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) දෙවැනි දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දෙවැනි දිනය සදහා තරගය ආරම්භ කරන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 306ක්.

කමිඳු මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සිව්වැනි කඩුල්ලට ලකුණු 107ක සබඳතාවයක් ගොඩනැගුවේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88ක් රැස් කරගෙන සිටියදී දැවී ගියේ ග්ලෙන් පිලිප්ස්ගේ පන්දුවක් හමුවේ යි.