ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් සටන අද ඇරඹේ

ශ්‍රී ලංකා - නවසීලන්ත දෙවන ටෙස්ට් සටන අද ඇරඹේ

by Staff writer 26-09-2024 | 8:10 AM

COLOMBO ( News 1st ) - සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) ආරම්භ වේ.

පළමු තරගය ලකුණු 63කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ තරග 1ට 0ක් ලෙසයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ වෙනස්කම් දෙකක් සමගිනි.

ආබාධයකට ලක් වූ විශ්ව ප්‍රනාන්දු වෙනුවට නවක දග පන්දු යවන ක්‍රීඩක නිෂාන් පීරිස් කණ්ඩායමට එක් කර තිබේ.

පළමු තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් අද ඇරඹෙන තරගයට ක්‍රීඩා නොකරන අතර එංගලන්ත තරග සංචාරයේදී ටෙස්ට් වරම් දිනූ මිලාන් රත්නායක කණ්ඩායම සමග එක්වනු ඇති.

දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද උදෑසන 10.00ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.