ලෙබනනයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලය සැරසෙයි

ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමට ඊශ්‍රායලයෙන් සූදානමක්..

by Staff writer 26-09-2024 | 9:27 AM

COLOMBO ( News 1st ) - ලෙබනනයට ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් වන්නැයි ඊශ්‍රායලය සිය හමුදාවට දැනුම් දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හී මොසාඩ් මූලස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය මේ තීරණය ගෙන ඇති බවයි.

දෙපාර්ශ්වය අතර මාස කිහිපයක සිට ප්‍රහාර එල්ල කෙරෙන අතර පසුගිය දා හිස්බුල්ලා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය එල්ල කළ දැවැන්ත ගුවන් සහ මිසයිල ප්‍රහාර හමුවේ ලෙබනනයේ 560කට ආසන්න පිරිසකට පමණ දිවි අහිමි විය.

ඒ අතරින් බොහොමයක් සිවිල්වැසියන් බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලෙබනන් වැසියන් 90,000ට අධික පිරිසක් ප්‍රහාර හමුවේ අවතැන් වී ඇති බවයි.