ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිල ඉදිරියට..

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 3වැනි ස්ථානයට...

by Staff writer 24-09-2024 | 9:59 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ලකුණු සටහනේ 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ තරග 8කට ක්‍රීඩා කර ඇති අතර ජයගෙන ඇති තරග සංඛ්‍යාව 4කි.

ඒ අනුව ඊයේ නවසීලන්තය සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ ලකුණු සටහනේ 3වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

ඉන්දීය කණ්ඩායම තවදුරටත් එම ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියාව රැඳී සිටී.