මන්ත්‍රී පුටුවට ගිය නිපුනආරච්චි

ජනපති අනුරගෙන් හිස්වූ පාර්ලිමේන්තු අසුන ලක්ෂ්මන් නිපුනආරච්චිට

by Staff writer 23-09-2024 | 8:02 PM

COLOMBO (News1st) - ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන වෙනුවෙනි.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්, 2020 වසරේ මහ මැතිවරණයට තරග කළ නිපුනආරච්චි මහතා ජාතික ජනබලවේගයේ මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්විය.