වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි..

කලා කෙත අස්වැද්දු පද්ම ශ්‍රී දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන අභවප්‍රප්ත වෙයි..

by Hashini De Mel 23-09-2024 | 10:29 PM

COLOMBO (News1st) - පද්ම ශ්‍රී දේශබන්දු ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද(23) අභාවප්‍රාප්ත විය.

මියයන විට ඇයගේ වයස අවුරුදු 92කි.

1932 වසරේ කළුතරදී උපන් ඇය ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වෘත්තීමය නර්ථන ශිල්පිනිය ලෙස සැලකෙයි.

වසර 60 කට වැඩි කාලයක් ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයට ඇය මගඟු සේවයක් ඉටු ක‍‍ළේය.

1949 දී "රාවණා" මුද්‍රා නාට්‍යයේ ඇය ඉදිරිපත් පූජා නර්තනය, උඩරට නර්තන කලාව කාන්තාවන් වෙත විවර වීමේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි.

1950 වසරේදී ගුරු චිත්‍රසේනයන් සමග විවාහ වන ඇය චිත්‍රසේන කලායතනය පිහිටුවීමට පුරෝගාමී වී කටයුතු කළේය.

චිත්‍රසේන යුවල, මෙරට ඉතිහාසයේ සම්භාව්‍ය මුද්‍රා නාට්‍ය ගණනාවක් නිර්මාණය කිරීමට සමත්විය.

රාවණා, කිඳුරන්ඟනා, නල දමයන්ති සහ චන්දලිකා ඇය නර්තනයෙන් හැඩ කල මුද්‍රා නාට්‍ය කිහිපයක් වේ.

වජිරා චිත්‍රසේන මහත්මියගේ දේහය අවසන් ගෞරව දැක්වීම සදහා හෙට(23) පෙරවරුවේ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිතයි.

දේහය පිලිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 25 වැනි බදාදා පෙරවරු 11.30 ට බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේදී සිදුකෙරුණු ඇති.