ඒ, ජනාධිපති කාර්යාලයේදී, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී ය.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ,
ප්රජාතාන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් උපරිම කැපවන බවයි.
උත්සවය පැවැත්වුණේ, මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයින්ගේ හභාගීත්වයෙනි.
ත්රිවිධ හමුදාපතිවරුන්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක නිලධාරීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
රටවල් රැසක රාජ්ය තාන්ත්රික නිලධාරීන් ද ඒ අතරට ඇතුළත් ය.
අනතුරුව ජනාධිපතිවරයා මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේ ය.
අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ ජනාධිපති කාර්යාලය
ඉදිරිපිටට රැස්ව සිටි පාක්ෂිකයින් ප්රීති ඝෝෂා පවත්වනු ලැබුවේ ය.
අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරයට පත්වීමේ සතුට සමරා, දිවයින පුරා විවිධ සැමරුම් ද පැවැත්විය.