නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට අදත් පහසුකම්

අදත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන් - තැපැල් දෙපාර්තමේන්තුව

by Staff writer 20-09-2024 | 11:26 AM

COLOMBO (News1st) - 2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද(20) දිනයේත් තමන්ට ආසන්න තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට ඡන්ද දායකයින්ට පහසුකම් සලසා  ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ, හෙට දිනයේත් ඒ සඳහා අවස්ථාව පවතින බවයි

සිය අන්‍යතාව තහවුරු කර පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ ඒවා ලබා ගත හැකි ය.

කෙසේ වෙතත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැතිව වුවද හැඳුනුම්පත රැගෙන යාමෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.