CID ගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය....

CID ගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය....

by Staff writer 19-09-2024 | 8:33 PM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එලෙස පිටවී ඇති බවට චෝදනා එල්ල වන්නේ, පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්.

ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද, පරීක්ෂණයක් ක්‍රියාත්මකයි.

පාලක පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා අතර පෙරේදා (17) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්විණි.

එහිදී තීරණය වුයේ, පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමටයි.