21 සහ 22 දිවයින පුරා මත්පැන්ශාලා වැ‌සෙයි

සැප්තැම්බර් 21 සහ 22 දිවයින පුරා මත්පැන්ශාලා වසා තැබිය යුතුයි - සුරාබදු දෙපාර්තමේන්තුව

by Staff Writer . 19-09-2024 | 1:18 PM

COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණය පැවැත්වෙන සැප්තැම්බර් 21 දින සහ පසුදා (22) දිවයින පුරා සියලු මත්පැන්හල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීමකට අනුව මෙම පියවර ගන්නා බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජී. ගුණසිරි මහතා පැවසුවේ ය.