පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි...

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි...

by Staff writer 03-09-2024 | 8:54 PM

COLOMBO (News 1st) - බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල , මාතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.