ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 02-09-2024 | 2:10 PM

COLOMBO ( News 1st ) - අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වල හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට එලෙස තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මීට අමතරව, බස්නාහිර, සබරගමුව, වයඹ  පළාත්වලට හා ගාල්ල, මාතර මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.