ජනාධිපතිවරණයට නාමයෝජනා 39 ක්

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 ක් නාමයෝජනා දෙයි...

by Staff Writer . 15-08-2024 | 12:55 PM

COLOMBO ( News 1st ) - මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කළ  අපේක්ෂකයින් 40 අතරින් 39 දෙනෙකු අද (15) නාම යෝජනා භාර දුන්හ.

පිළිගත් දේශපාලන පක්ෂ 22 කින්, වෙනත් දේශපාලන පක්ෂයකින් සහ ස්වාධීන අපේක්ෂකයින් 16 දෙනෙකු මෙවර තරග වැදීමට නියමිතයි.

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමජිකයින් ඉදිරියේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී  අද පෙරවරු 9 ට ආරම්භ විය.

මේ අතර නාමයෝජනා ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයින් 3 දෙනෙකු වෙනුවෙන් විරෝධතා ගොනු කර තිබු අතර එම විරෝධතා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.