COLOMBO (News 1st) - සමගි ජනබලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) දැනුම් දී තිබේ.
ඒ සමගි ජන බලවේගය සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතිවිරෝධි බව හා එම තීරණය බල රහිත කිරීමට නියෝගයක් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගොනු කළ තිබූ පෙත්සම්හි අවසන් තීන්දුව ලබා දෙමිනි.
ඒ අනුව විනිසුරු මඩුල්ල පැවසුවේ, පෙත්සම්කරුවන් විසින් පෙත්සම් මගින් ඉල්ලා සිටි ඉල්ලීම් ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි.
විජිත මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු විය.