ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට, කාන්තාවකට තුවාල.

by Staff writer 25-07-2024 | 10:18 PM

COLOMBO (News 1st) - කොළඹ ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

ඉන්, මිය ගිය පුද්ගලයාගේ වයස, අවුරුදු 31 ක්.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 56 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසීය සඳහන් කළේ, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.