අද නික්ම යන 'හඳ නැන්දා'

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා අභාවප්‍රාප්ත සුමනා ජයතිලකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද..

by Staff writer 06-07-2024 | 7:15 AM

 COLOMBO (News 1st) –   ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා, අභාවප්‍රාප්ත සුමනා ජයතිලක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06)සිදු කෙරේ.

ඒ , පෙරවරු 11.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී ය.

මහජන ගෞරවය සඳහා දේහය මේ වනවිට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ.

එකම ගුවන් විදුලි ළමා වැඩසටහනක්, දීර්ඝතම කාලයක් ඉදිරිපත් කළ ලොව පළමු ගුවන් විදුලි නිවේදිකාවට හිමි වාර්තාවට හිමිකම් කියන ආදරණීය හඳ නැන්දා, සුමනා ජයතිලක මහත්මිය පෙරේදා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.

1937 අප්‍රේල් 23 වැනිදා කොළඹදී උපන් සුමනා ජයතිලක මහත්මිය ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ කොටස්කාරියකි.