වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද...

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද...

by Staff writer 01-07-2024 | 6:53 AM

COLOMBO (News 1st) - වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(01) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කළේ, අද පස්වරු එකට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නව ගාස්තු ප්‍රකාශයට පත්කරන බවයි.

2002 කැබිනට් පත්‍රිකාවට අනුව පෞද්ගලික බස් සංගම් සමග පැවැති එකඟතාව යටතේ ජූලි පළමු වැනිදා බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත්කරන බව සභාපතිවරයා සඳහන් කළේ ය.