පාරින්ද රණසිංහ වැඩබලන නීතිපතිධුරයේ දිවුරුම් දීම අද

පාරින්ද රණසිංහ වැඩබලන නීතිපති ධුරයේ දිවුරුම් දීම අද..

by Staff writer 01-07-2024 | 6:28 AM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද(01) වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ. 

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා, හිටපු අගවිනිසුරුවරයෙකු වූ පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයායි.

නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම් මහතා පසුගිය 26 වැනිදා විශ්‍රාම යාමත් සමග පසුගිය දින කිහිපයේ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතියේ ය.