![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
ඒ, ඔවුන් ඊයේ (29) පස්වරුවේ මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ස්ථානවලින් මේ වන විට විදේශිකයින් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන් බහුතරයක්, ඉන්දීය ජාතිකයින්.
ඊට අමතරව චීන, බංග්ලාදේශ, පකිස්ථාන සහ නේපාල ජාතිකයින් ද ඒ අතර වේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, විදේශිකයින් එම මුදල් බ්‍රිතාන්‍ය, ඩුබායි සහ ඉන්දියාවේ බැංකු ගිණුම් වෙත බැර කර ඇති බවයි.