ශ්‍රී ලංකාව විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අවසන් එකඟතාවකට පැමිණියා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

by Staff writer 26-06-2024 | 2:42 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නිල ණය හිමියන්ගේ කමිටුව සමග එකඟතාවකට පැමිණි බව, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ , එක්ස් පණිවුඩයක් නිකුත් කරමින්. 

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන 2024 පැරිස් සංසදයට සමගාමීව මෙම එකඟතාවට එළැඹි බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශවීක ණය ප්‍රතිව්‍යුහගතකරණය ගිවිසුමකට එළැඹීමකට ද කටයුතු කරමින් ඇතැයි , රාජ්‍ය අමාත්‍යවරයාවරයා පෙන්වා දෙයි.

මේ කටයුතු සඳහා සහය දුන් නිල ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිවරුන් වන ප්‍රංශය , ඉන්දියාව , ජපානය මෙන්ම චීනය ඇතුළු රටවල් දුන් සහයෝගයට තම ස්තූතිය පුද කරන බව ද, ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාව මුහුණදී ඇති ණය අර්බුධයට විසඳුම් සෙවීම සඳහා මෙය වැදගත් සංදිස්ථානයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ සඳහා සහය දුන් නිල ණය හිමියන්ගේ සංගමයට රාජ්‍ය අමාත්‍යවරයා සිය කෘතඥතාවය පල කළේ ය.

මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් නොසැලෙන කැපවීම සහ නායකත්වය රාජ්‍ය අමාත්‍යවරයා සිය එක්ස් පණිවුඩයෙන් පැසසුමට ලක් කර තිබේ.