COLOMBO (News 1st) – මොසැම්බික් රාජ්‍යයේ උතුරු වෙරළට ආසන්න මුහුදු ප්‍රදේශයේදී යාත්‍රාවක් අනතුරට ලක් වීමෙන්පුද්ගලයින් 90 කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
විදේස් මාධ්‍ය වාර්තා කළේ, මියගිය පිරිස අතර කුඩා දරුවන් රැසක් ද සිටින බවයි.
අනතුරට ලක් වූ යාත්‍රාවේ සිටි පස් දෙනෙකු බේරාගෙන ඇති බවත් එරට බලධාරීන් ප්‍රකාශ කළේ ය.
යාත්‍රාවේ පිරිස වැඩි වීම හේතුවෙන් ඇතිවු තදබදයත්, යාත්‍රාව මගීන් රැගෙන යාමට නුසුදුසු තත්ත්වයේ පැවතීමත් යාත්‍රාව පෙරලීමට හේතුවී තිබේ.
මෙම යාත්‍රාව මොසැම්බික් රාජ්‍යය වෙත ගමන් කරමින් සිට ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් ය.