19න් පහළ ආසියානු කුසලානය බංග්ලාදේශයට

බංග්ලාදේශය පළමුවරට වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය දිනා ගනී..

by Staff writer 17-12-2023 | 8:57 PM

COLOMBO (News 1st) – බංග්ලාදේශය පළමු වරට වයස අවුරුදු 19න් පහළ ආසියානු ක්‍රිකට් කුසලානය දිනා ගත්තේ ය.

ඒ, මෙවර තරගාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමග පැවැති අවසන් මහා තරගය ලකුණු 195කින් ජය ගනිමින් ය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් ආශික රහ්මාන් ලකුණු 129ක් රැස් කළේ ය.

චෞදූර් රිස්වාන් ලකුණු 60කි.

ඔවුන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 282ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින්ට පන්දුවාර 24යි පන්දු 5ක් තුළ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 87ක් පමණි.

මරූෆ් රිදා සහ රෝහනාත් බොර්සෝන් කඩුළු 3 බැගින් බිඳ දැමුවේය.