කන්දකාඩු පුනරුත්ථාපනයේ රැඳවියන් පිරිසක් පලා යයි..

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පලා යයි..

by Staff writer 11-12-2023 | 10:18 PM

COLOMBO (News 1st) - වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පිරිසක් පලාගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, රැඳවියන් 50 කට ආසන්න පිරිසක් අද (11) පස්වරුවේ මෙලෙස පලාගොස් ඇති බවයි.

පලාගිය රැඳවියන් සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

අප වාර්තාකරු සඳහන් කළේ, පලාගිය රැඳවියන් 21 දෙනෙකු පමණ පොලිසියට භාරවීමෙන් අනතුරුව, සුංගාවිල පොලිසිය වෙත රැගෙන ආ බවයි.