සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතුයි

ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද? රටේ නීතියට අනුව කටයුතු කරනවා ද? සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතුයි - ජනපතිගෙන් ප්‍රකාශයක්

by Staff writer 04-10-2023 | 6:20 AM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැතිනම් රටේ නීතියට අනුව කටයුතු කරනවාදැයි සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර දැක්වීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

මෙරට පුවත් පත් කලාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මේ වනවිට 93 වැනි වියේ පසුවන එඩ්මන්ඩ් රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය කෘතිය එළිදැක්වීම ද මීට සමගාමීව සිදු කෙරුණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, මෙරට පුවත්පත් කලාවේ පරිවර්තනීය වෙනසක් සිදු කළ නියමුවෙකු ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ මහතා හැඳින්විය හැකි බවයි.