පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන නිවේදනයක්..

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවංලගු කිරීමට විෂය භාර අමාත්‍යාංශ උපදේශක සභාවේ අනුමැතිය..

by Staff writer 21-09-2023 | 5:08 PM

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණය සඳහා භාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශන කාරක සභාවේ ඒකමතික එකඟතාව හිමිවී තිබේ. 

ඒ, පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් ය.

නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් පත්ව ඇති අපහසුතාවට සහ පවතින අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එම තීරණය ගෙන තිබේ. 

අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වුණේ පළාත් පාලන අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

ක්ෂේත්‍ර නිලධාරීන්ට තම බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා ඉවත් කිරීම සඳහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්විය.

මේ අතර, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් නිසි පරිදි ස්ථානගත කිරීමට වහාම පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.