වසර අවසානයේ වාහන ආනයනයට ඇති සීමා ඉවතට

වසර අවසන් වනවිට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවතට

by Staff writer 06-09-2023 | 5:47 AM

COLOMBO (News 1st) - මේ වසර අවසන් වනවිට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසති.

මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමේදී කරුණු දක්වමිනි.

මුදල් කාරක සභාව ඊයේ (05) රැස්වුණේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පතට ද මුදල් කාරක සභාව ඊයේ  අනුමැතිය ලබා දුන්නේ ය.