සුඩාන වැසියන් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

ගැටුම් හමුවේ සුඩාන වැසියන් මිලියනයක් අසල්වැසි රාජ්‍යයවලට පළා යයි

by Staff writer 16-08-2023 | 6:31 AM

COLOMBO (News 1st) - මිලියනයකට අධික සුඩාන වැසියන් පිරිසක් අසල්වැසි රාජ්‍යයවලට පළා ගොස් තිබේ.

ඒ, සෞඛ්‍ය සේවා අඩපණ වීමෙන් හා ආහාර හිඟය හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ, මාස 4ක යුද්ධයෙන් පසු එරට ජනතාව සෞඛ්‍ය රැකවරණය නොමැතිවීමෙන් මියයන බවයි.

සුඩාන හමුදාව සහ පැරාමිලිටරි බලකාය අතර සටන් හේතුවෙන්, කාටුම් අගනුවරට දැඩි බලපෑම් එල්ල වී ඇත.

විදෙස් වාර්තා පැවසුවේ, පවතින තත්ත්වය හමුවේ සුඩානයේ සිවිල් යුද්ධයකට යොමුවීමෙන් කලාපය අස්ථාවර කිරීමට හේතුවක් වනු ඇති බවයි.