COLOMBO (News 1st) – නිර්ණායක සම්බන්ධයෙන් පවතින ගැටලුවට විසඳුම් ලබාදෙන්නේ නම් මාස 6 ත් අවුරුදු 3 ත් අතර වයසේ පසුවන දරුවන්ට ද ත්‍රිපෝෂ ලබාදීමේ හැකියාව ඇතැයි, ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.
එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ, එම දරුවන්ට ලබාදෙන ත්‍රිපෝෂවල නිර්ණායක සම්බන්ධයෙන් පරස්පරතා පවතින අතර, ඒ සම්බන්යෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවයි.
එහෙත් ඊට නිසි පිළිතුරු හෝ විසඳුම් ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළේ ය.
සභාපතිවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කැබිනට් සංදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාර්ලිමේන්තුවට යොමුකිරීම සඳහා ඉදිරිපත් කර ඇති නමුත් මේ වනතෙක් ඒ සඳහාද විසඳුමක් ලැබී නොමැති බවයි.
දැනට ගර්භනී හා කිරිදෙන මව්වරුන්ට මෙන්ම අවුරුදු 3 ට වැඩි දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදීම අඛණ්ඩව සිදු කරන බවද දීප්ති කුලරත්න මහතා සඳහන් කළේ ය.
මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය හා පෞද්ගලික අංශයේ ආයතනයක් මැදිහත්ව ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ඇතැයි, ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.
එහි සභාපතිවරයා පැවසුවේ, මේ වසරේ ඉදිරි මාස කිහිපය සඳහාද ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිඟු හා සෝයා බෝංචි ලෝක ආහාර සංවිධානය ලබාදී ඇති බවයි.
මේ වනවිට එම අමුද්‍රව්‍ය ලැබෙමින් ඇතැයි, ත්‍රිපෝෂ සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.