පෙරහැර අද සිට ලබන මස 3 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.
මේ අතර, වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන්නැයි, මධ්‍යම පරිසර අධිකාරිය, කතරගම ඇසළ පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරයි.
පෙරහැර කාලය තුළ කතරගම පූජා භූමිය , මැණික් ගඟ ඇතුළු ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700ක පමණ ප්‍රමාණයක් ගොඩගැසෙන බව, මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙයි.
ඒ අනුව පොලිතින් මලු වෙනුවට පරිසර හිතකාමී මලු ලබාදීම ඇතුළු පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.