මෙරට පාසල්වලින් 60% ක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන

මෙරට පාසල්වලින් 60% ක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන - සමීක්ෂණයකින් හෙළිවෙයි

by Staff writer 17-05-2023 | 6:44 AM

COLOMBO (News 1st) - පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගීන් වාර්තා වීම තවත් ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.

එම ඒකකය පෙන්වා දෙන්නේ, මෙරට පාසල්වලින් 60% ක ඩෙංගු මදුරු කීටයින් බෝවන ස්ථාන හමු වූ බවයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ කීට විද්‍යාඥ සතිර මාරසිංහ මහතා සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලින් එවැනි මදුරු කීටයින් බෝවන ස්ථාන 65% ක් සහ ගම්පහ දිස්ත්‍රික්කය් පාසල්වලින් 65 - 70%ක් අතර ප්‍රමාණයක මදුරු කීටයින් බෝවන ස්ථාන සොයා ගත් බවයි. 

පාසල් ආශ්‍රිතව ඩෙංගු මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.

රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ආගමික ස්ථානවලින් 70% කට අධික ප්‍රමාණයක ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හමු වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගත වූ කාල සීමාව තුළ මෙරටින් හඳුනා ගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34, 480 කි.

ඉන් බස්නාහිර පළාතෙන් රෝගීන් 17020 හඳුනාගෙන ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ය.